නව වසරකදී ඔබගේ සිහිනය
සුපිරි සියල්ල සපිරි ජිවිතයක් ලබාගන්නා සෑම නව වසරකදී ම ඔබ සිහින මවනවා අලුත් අවුරුද්ද උදාවන්නේ සුන්දර සිහින ගොන්නක් සමඟ. මේ 2012 නව වසරක් උදා වූයේ එලෙසම යි. ජීවිතයේ ගෙවිලා ගිය සෑම අවුරුද්දක් වගේ ම මේ අවුරුද්දත් ගෙවිලා යාවි.
ගෙවිලා ගිය සෑම වසරකදී ම වගේ මේ නව වසරේ අවසානයේදීත් ඔබගේ සිහින පමණක් ම වේවිද?
නමුත් ඔබ මා අද කියාදෙන ක්‍රමවේදය අනුගමනය කළොත් නම් තවදුරටත් සිහින අතුරුදන් වන්නේ නැහැ. ඇයි දන්නවද ලෝකයේ සිහින සැබෑ කරගත්තු වාසනාවන්ත විශිෂ්ට මිනිසුන් සියල්ලන් ම පාහේ මෙම ක්‍රියාවේදය අනුගමනය කළ අය. හුදෙක් වාසනාව නැතහොත් ඉරණමට තම ජීවිතය පාවා නොදී උත්සාහයෙන් සහ බුද්ධියෙන් ජීවිතය ජයගත් බොහෝ දෙනකු අතරට එක්‌වන්නට ඔබ තවමත් ප්‍රමාද නැහැ.
පළමුව පිරිසිදු කරන්න
අලුත් අවුරුද්දක් එනවිට ඔබ ගේදොර පිරිසිදු කරනවා. වට පිටාව පිරිසිදු කරනවා. ඔබ අවට භෞතික දේ පිරිසිදු කළත්, ඔබ ඔබේ අධ්‍යාත්මක පිරිසිදු කරගත්තාද? ගෙතුළ ඇති අනවශ්‍ය කුණු කන්දල් ඉවත්කර ගිනිතබා විනාශ කළත් පසුගිය වසර ගණනාවක් පුරා හිත ඇතුලේ පල්වෙලා කුණුවෙලා දුඟඳ හමන කුණු නැත්නම් අපවිත්‍ර සිතිවිලි, වේදනාකාරී මතකයන්වලට ගිනිතබා විනාශකළාද? වල්පැල අතර මල්පැල හැදෙන්න තිබෙන ඉඩ අඩුයි. හැදුනත් ලස්‌සන මල් පිපෙන්න තරම් ඒ මල් පැල ශක්‌තිමත් නැහැ.
ඒ වගේ තමයි පැරණි අපවිත්‍ර සිතුවිලි වලින් ඒ කියන්නෙ ලෝභය, වෛරය, ඊර්ෂ්‍යාව, මානය කුහකකම වගේ සෘණ සිතුවිලි වලින පිරිලා පීඩා විඳින හිතක් කොයි තරම් සුන්දර අගග්‍රන්‍ය බලාපොරොත්තුවක් තිබුණත් එය සැබෑවක් වන්නෙ නැහැ. මෙපමණ කලක් ඔබේ බලාපොරොත්තු ඉටු නොවුණා නම් පුංචි විවේකයක් අරගෙන හොඳින් විමසා බලන්න ඔබේ දියුණුවට මං අහුරන වැරදි සිතිවිලි , පුරුදු කොයිතරම් තිබෙනවද කියලා.
ඔබේ ආගමික වතාවත් තුළින්, මනෝ විද්‍යාත්මක උපදේශන තුළින්, ජීවිත පුහුණු කිරීම් තුළින් ඔබට සෘණ සිතුවිලි විනාශ කර දමන්නට පුළුවන් "යෝග අභ්‍යාස" "භාවනා" ආදිය මඟින් ද වැරදි සිතුවිලි සෝදා හරින්නට පුළුවන්.
එනිසා පළමුව පිරිසිදු කිරීම අරඹන්න. අලුත් අවුරුද්දෙ ඔබ මුලින් ම කරන්නට ඕනේ එයයි. හොඳ පිරිසිදු අධ්‍යාත්මික තත්ත්වයක් ගොඩ නගා ගත්තට පස්‌සෙ තමයි ඔබ දෙවන පියවරට යා යුතු වන්නේ.
Super Minds අධ්‍යක්‌ෂිකා
සාර්ථකත්වය සඳහා ජීවිත පුහුණුකාරිණී
සමන්ති දේශප්‍රිය